නාමල් රාජපක්ෂ රට භාරගන්න සූදානම්

රට රකින අභියෝගය ඕනෑම අවස්ථවක භාර ගන්නා අතර එයට නාමල් රාජපක්ෂ පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එම අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ජා කරන බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

තරුණ දේශපාලන නායකයෙකුට පරිණත වීමට ඇති හොඳම අවස්ථාව මෙය බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු තවදුරටත් පැවසුවේ. වර්තමානයේ පවතින ශක්තිමත්ව දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි යළිත් තහවුරු වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරන ලදී.

“අපි තරුණ නායකයෝ විදිහට වගකීම තමයි මේ වෙලාවේ එදා මහින්ද රාජපක්ෂ මතිතුමාලා පාද යාත්‍රා ගිහින් තමන් විශ්වස කරන කරන දේශපාලන කඳවුර ශක්තිමත් කළා වගේ අපි නියෝජනය කරන කදවුර ශක්තිමත් කරමින් අවංකව මේ රටට ආදරය කරන දේශීයත්වයට ගරු කරන සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එක්ක දේශපාලන බලවේගයක් ගොඩනගන එක. එහෙම නැතුව මේ වෙලාවේ යම්කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් මේ අවස්ථාව තමයි තමන්ට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව කියල, නෑ. ඒක සාධාරණ නැහැ.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00