ඇෆ්ගනිස්ථානය සමඟ 20-20 තරගාවලියට පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් නැහැ

ඇෆ්ගනිස්ථානය සමඟ ලබන 11 වනදා ආරම්භවන විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයට හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් එක් නොවන බව වාර්තා වනවා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ගොඳුරු වී සිටින ආබාධවලින් තවමත් පූර්ණ සුවය නොලබා සිටීම හේතුවෙන් මොවුන් ඉන්දීය සංචිතය කැඳවීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය තවමත් ප්‍රසිද්ධකර නොමැති අතර, එය අද (07) පස්වරුව වන විට ප්‍රසිද්ධ කිරීමට නියමතව තිබුණා.

මේ අතර මෙම සංචිතයේ රෝහිත් ශර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි කොටස්කරුවන් බව තවමත් තහවුරු කර නැහැ.

2022 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු කෝලි සහ ශර්මා විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර රෝහිත් ශර්මා ඇෆ්ගනිස්ථානය සමඟ තරගාවලිය සඳහා එක් නොවුනහොත් බොහෝ දුරට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙත පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට පැවරෙනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43
Video thumbnail
"අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ"..සජබ ආරාධනාව ගැන තලතාගෙන් සැර කතාවක්
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50