spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානය සමඟ 20-20 තරගාවලියට පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් නැහැ

ඇෆ්ගනිස්ථානය සමඟ ලබන 11 වනදා ආරම්භවන විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයට හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් එක් නොවන බව වාර්තා වනවා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම ගොඳුරු වී සිටින ආබාධවලින් තවමත් පූර්ණ සුවය නොලබා සිටීම හේතුවෙන් මොවුන් ඉන්දීය සංචිතය කැඳවීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය තවමත් ප්‍රසිද්ධකර නොමැති අතර, එය අද (07) පස්වරුව වන විට ප්‍රසිද්ධ කිරීමට නියමතව තිබුණා.

මේ අතර මෙම සංචිතයේ රෝහිත් ශර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි කොටස්කරුවන් බව තවමත් තහවුරු කර නැහැ.

2022 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු කෝලි සහ ශර්මා විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර රෝහිත් ශර්මා ඇෆ්ගනිස්ථානය සමඟ තරගාවලිය සඳහා එක් නොවුනහොත් බොහෝ දුරට ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙත පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට පැවරෙනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?