AFC Banner
Empty Ad
Empty Ad

සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කිරීමේ චෝදනාව මත කාන්තාවක් මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ බීමතින් නිවසට පැමිණි සැමියා තමා සහ තම දරුවන් දෙදෙනා පහර දී මරා දමන බවට තර්ජනය කළ බවයි සැකකාර කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අනතුරුව පොලිසිය එම කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේදී ලේ විලක් මැද වැටී සිටින පුද්ගලයෙකු දැක තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා මහියංගනය රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙක් බව සඳහන්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?