ඩේවිඩ් වෝනර්ට ජගත් ටෙස්ට් පිටියෙන් ජයග්‍රාහී සමුදීමක්

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ට වමත් පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩේවිඩ් ඇන්ඩෲ වෝනර්ට ටෙස්ට් පිටියෙන් ජයග්‍රාහී සමුදීමක් තිළිණ කිරීමට ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ, පාකිස්ථානය සමඟ නිමා වූ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 08කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවීමත් සමඟයි.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ජයගෙන තරගාවලියේ ශූරතාවය ද හිමිකර ගන්නට ඕස්ට්‍රේලියාවට අද හැකියාව ලැබුණා.

මෙම තරගාවලි ජයත් සමඟ ලෝක ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඕස්ට්‍රේලියා සමත් වුණේ මෙතෙක් එහි පළමු තැන රැඳී සිටි ඉන්දීය කණ්ඩායම දෙවැනි තැනට පත් කරමින්.

සිඩ්නි හිදී පැවති පාකිස්ථානය සමඟ තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 313ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු පිළට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 299ක් පමණයි.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වඩා ලකුණු 14ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු පාකිස්ථානය ලකුණු 115කට සීමා වුණා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සඳහා දෙවන ඉනිමට රැස්කර ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 130ක්.

ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ දී කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

එහිදී සිය අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් ලකුණු 57ක් රැස්කළ අතර, මාර්නස් ලැබුස්චේන් ලකුණු 62ක් නොදැවී රැස්කරමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය පහසු කළා.

ඒ, අනුව ඕස්ට්‍රේලියාව මෙම තරගය කඩුලු 08කින් ජයගනිමින් සිය සගයා වූ ඩේවිඩ් වෝනර්ට ජයග්‍රාහි සමුදීමක් තිළිණ කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03