ඉල්ලන් කන්නෝ නිසා මහ මග යන අයට තර්ජනයක් (වීඩියෝ)

අලි මිනිස් ගැටලුව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී ඇති දිනෙන් දින උග්‍ර වන බරපතල ගැටලුවක්.

මේ ගැටලුව හේතුවෙන් වාර්ෂිකව මියයන වන අලි සංඛ්‍යාව මෙන්ම අහිමි වන මිනිස් ජීවිත ගණනත් අති විශාලයි.

දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී වන අලියෙකු නිසා අද උදෑසන වාහන තුනක් අනතුරට පත් වුණා.

ප්‍රධාන මාර්ගයේ රැඳී සිටි වන අලියා නිසා දඹුල්ලේ සිට පොළොන්නරුව දෙසට ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කොට නවත්වා තිබෙනවා.

ඒ අවස්ථාවේදී බස්රථ දෙකක් පොළොන්නරුව දෙසින් දඹුල්ල දෙසට තරගයට ධාවනය වී ඇති අතර, මහමග සිටි වන අලියා දැක එක් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගැනීමට උත්සහ කර තිබෙනවා.

එහිදී එම බස් රථය නවතා තිබූ මෝටර් රථයේ හැපී තිබෙනවා.

තරගකාරීව පැමිණි අනෙක් බස් රථය වන අලියා මඟ හැර බස් රථයේ නලාව අධික ලෙස ශබ්ද කොට ගමන් කර ඇති අතර එහිදී නලා ශබ්දයට උරණ වූ වන අලියා එකවරම බස් රථයේ හැපුණු මෝටර් රථයට පහර දුන් බවයි ලොරි රථයේ රියදුරු මහතා පවසන්නේ.

එහිදී වන අලියා මෝටර් රථයට පහර දීමෙන් දැඩි ලෙස අලාභ හානී සිදුකොට තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිදු අයෙකුට අනතුරක් සිදුවී නැහැ.

මේ අතර, වාහන සියල්ල එකිනෙක ගැටීමෙන් මාර්ගය අවහිර වූ අවස්ථාවේදී පොළොන්නරුව දෙසින් සහල් පටවාගෙන පැමිණි ලොරි රථයක් පිටුපසින් තවත් වන අලියෙකු පන්නාගෙන පැමිණ තිබෙනවා.

එහිදී ලොරිය මාර්ගයෙන් ඉවත්කොට වන අලියාගෙන් බේරීමට උත්සාහ කරද්දී සිය ලොරිය පෙරළී ගිය බවයි එහි රියදුරු මහතා පවසන්නේ.

දිගම්පතහා ප්‍රදේශයේ මහමග රැක සිටින ඉල්ලන් කන්නෝ නමින් ප්‍රසිද්ධ මෙම වන අලි දෙදෙනා ආහාර සොයමින් මහමග රැඳී සිටිමින් වාහනවලට නිතර පහර දෙන්නට උත්සාහ දරනවා.

මාර්ගය භාවිත කරන වාහනවලට සහ පුද්ගලයින්ට මෙම වන අලින් දෙදෙනාගේ මේ හැසිරීම බරපතළ තර්ජනයක් වී ඇති බවටයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06