spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉල්ලන් කන්නෝ නිසා මහ මග යන අයට තර්ජනයක් (වීඩියෝ)

අලි මිනිස් ගැටලුව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී ඇති දිනෙන් දින උග්‍ර වන බරපතල ගැටලුවක්.

මේ ගැටලුව හේතුවෙන් වාර්ෂිකව මියයන වන අලි සංඛ්‍යාව මෙන්ම අහිමි වන මිනිස් ජීවිත ගණනත් අති විශාලයි.

දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී වන අලියෙකු නිසා අද උදෑසන වාහන තුනක් අනතුරට පත් වුණා.

ප්‍රධාන මාර්ගයේ රැඳී සිටි වන අලියා නිසා දඹුල්ලේ සිට පොළොන්නරුව දෙසට ධාවනය කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කොට නවත්වා තිබෙනවා.

ඒ අවස්ථාවේදී බස්රථ දෙකක් පොළොන්නරුව දෙසින් දඹුල්ල දෙසට තරගයට ධාවනය වී ඇති අතර, මහමග සිටි වන අලියා දැක එක් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගැනීමට උත්සහ කර තිබෙනවා.

එහිදී එම බස් රථය නවතා තිබූ මෝටර් රථයේ හැපී තිබෙනවා.

තරගකාරීව පැමිණි අනෙක් බස් රථය වන අලියා මඟ හැර බස් රථයේ නලාව අධික ලෙස ශබ්ද කොට ගමන් කර ඇති අතර එහිදී නලා ශබ්දයට උරණ වූ වන අලියා එකවරම බස් රථයේ හැපුණු මෝටර් රථයට පහර දුන් බවයි ලොරි රථයේ රියදුරු මහතා පවසන්නේ.

එහිදී වන අලියා මෝටර් රථයට පහර දීමෙන් දැඩි ලෙස අලාභ හානී සිදුකොට තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිදු අයෙකුට අනතුරක් සිදුවී නැහැ.

මේ අතර, වාහන සියල්ල එකිනෙක ගැටීමෙන් මාර්ගය අවහිර වූ අවස්ථාවේදී පොළොන්නරුව දෙසින් සහල් පටවාගෙන පැමිණි ලොරි රථයක් පිටුපසින් තවත් වන අලියෙකු පන්නාගෙන පැමිණ තිබෙනවා.

එහිදී ලොරිය මාර්ගයෙන් ඉවත්කොට වන අලියාගෙන් බේරීමට උත්සාහ කරද්දී සිය ලොරිය පෙරළී ගිය බවයි එහි රියදුරු මහතා පවසන්නේ.

දිගම්පතහා ප්‍රදේශයේ මහමග රැක සිටින ඉල්ලන් කන්නෝ නමින් ප්‍රසිද්ධ මෙම වන අලි දෙදෙනා ආහාර සොයමින් මහමග රැඳී සිටිමින් වාහනවලට නිතර පහර දෙන්නට උත්සාහ දරනවා.

මාර්ගය භාවිත කරන වාහනවලට සහ පුද්ගලයින්ට මෙම වන අලින් දෙදෙනාගේ මේ හැසිරීම බරපතළ තර්ජනයක් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?