උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වනවා. අද ආරම්භ කෙරෙන විභාගය කාලසටහන අනුව දින 22ක් පැවැත්වෙනවා.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298 කදී විභාගය පැවැත්වෙනවා.

මේ අතර, උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මේ අතර, පවතින ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

පවතින අපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සියලුම විෂයන් සඳහා මෙම විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේයි.

මීට අමතරව ආපදා තත්ත්වයන් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා මතු වන අපේක්ෂකයන්ට සහනයක් ලබා ගැනීම සඳහා ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 දුරකතන අංක වෙත ඇමතිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14