spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වනවා. අද ආරම්භ කෙරෙන විභාගය කාලසටහන අනුව දින 22ක් පැවැත්වෙනවා.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටීමට නියමිතයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298 කදී විභාගය පැවැත්වෙනවා.

මේ අතර, උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

මේ අතර, පවතින ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

පවතින අපදා තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව, වැලිකන්ද, අරලගංවිල හා දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසවල පදිංචි විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සියලුම විෂයන් සඳහා මෙම විශේෂ විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේයි.

මීට අමතරව ආපදා තත්ත්වයන් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා මතු වන අපේක්ෂකයන්ට සහනයක් ලබා ගැනීම සඳහා ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 දුරකතන අංක වෙත ඇමතිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?