වැලිගම මෙහෙයුමේදී මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් උපුල් චමින්ද මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදී තිබෙනවා.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් උපුල් චමින්ද මහතා කළ සේවය අගය කරමින් ද රුපියල් මිලියන 1.75ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔහුගේ පවුලේ අය වෙත ලබාදී තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයන්වරයාව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34