spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම මෙහෙයුමේදී මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් උපුල් චමින්ද මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදී තිබෙනවා.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් උපුල් චමින්ද මහතා කළ සේවය අගය කරමින් ද රුපියල් මිලියන 1.75ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඔහුගේ පවුලේ අය වෙත ලබාදී තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයන්වරයාව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?