අවශ්‍ය නම් ජනපතිවරණයේදී වත්මන් ජනපතිට පොහොට්ටුවේ සහාය

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබා දෙනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මහනුවරදී අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වසරේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවයි.

එබැවින් ජනාධිපතිවරයා ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද, තරග කරන්නේ නම් ඒ පොදු අපේක්ෂකයෙක් වශයෙන් ද, එසේ නොමැති නම් තනි පක්ෂයක අපේක්ෂකයෙක් වශයෙන් ද යන්න පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය ඉල්ලා සිටියහොත් එය ලබාදීමට පක්ෂ ප්‍රධානීන් කටයුතු කරනු ඇති බවයි.

පොදුජන පෙරමුණේ බහුතර බලයකින් පත්වූ ජනාධිපතිවරයාට සහාය නොදී සිටීමට හේතුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

ඡන්ද 69 ලක්ෂයක ජනතා වරමින් පත් වූ නායකයා අරගලයකට මුවාවෙලා ගෙදර ඇරියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාසට, අනුර දිසානායකට වගේම සරත් ෆොන්සේකාට පවා ජනාධිපති ධුරය භාරගන්න කියලා ආරාධනා කළා. ඒ අය පස්සට ගිය වෙලාවේ තමයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තේ. දැන් රට යම් තාක් දුරට නැවතත් හිස ඔසවමින් පවතිනවා. හිස්වූ භාණ්ඩාගාරය නැවතත් සක්‍රීය වෙමින් පවතිනවා. රට මේ තත්ත්වයට ගෙන ඒමේ ගෞරවය වත්මන් ජනපතිට හිමිවෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ එතුමාට තව ටික කාලයක් මේ ආකාරයෙන් කරගෙන යන්න ඉඩ දිය යුතුයි කියලයි.

අද හිතාගන්න බැරි තරම් නම් ගොඩක් ජනාධිපති අපේක්ෂකයෝ පිළිබඳ කියවෙනවා. ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති වෙන්න ඒ තරම් අමාරු වෙන්නේ නෑ. නමුත් එහෙම ආපු මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට මොකද වුණේ. ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් රටේ භාණ්ඩාගාරයේ තත්ත්වය ගැනත් හිතලා තමයි ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වෙන කෙනාට රට ගොඩ නඟන ස්ථීර වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයෙන් පසු අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා. එකපාරටම ගුවන්ගත වුණු හෙලිකොප්ටරය අද තෙල් ඉවර වෙලා සජිත්ගේ දෙපා මුල කඩා වැටිලා තියෙනවා.

වැට් බද්ද නිසා ජනතාව යම් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව අප සැම පිළිගත යුතුයි. නමුත් සමහර අය මේ පිළිබඳව බොරු බිල්ලෝ මවනව. ජනතාව සත්‍යය තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. විදුලි බිල හා වෙනත් බදු නිසා අද ආයෝජකයෝ ගැටලු වලට මුහුණ පා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් සඳහා පනවා ඇති බදු ඉවත් කොට යම් සහන ලබා දීමට කටයුතු කළ යුතුයි. නැත්නම් නැවතත් ගැටලු උද්ගත වෙන්න පුළුවන්. මේ අමාරු කාලයේ පහු කරොත් හැමදෙනාටම සහනයක් ලැබේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26