AFC Banner
Empty Ad
Empty Ad

සුවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

පසුගිය අඟහරුවාදා සිට සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් නෞකාව මුදා ගැනීමට මෙහෙයුමේ නිරතව සිටින කණ්ඩායමට හැකි වී තිබෙනවා.

මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ තවත් පැයක පමණ කාලයකින් පසු නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කර ගත හැකි වනු ඇති බවයි.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08ක් එක්ව පුරා පැය 156ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම් කණ්ඩායමට අද අලුයම හැකි වුණා.

මෙම නෞකාව මෙලෙස සිරවී තිබීම හේතුවෙන් නෞකා විශාල ප්‍රමාණයක ගමනාගමන කටයුතු ඇණහිටියා.

නැව මුදවා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි ටග් යාත්‍රාවක කපිතාන්වරයෙක් නෞකාව නැවත නිසි මාර්ගයට යොමු කිරීමේ අවස්ථාව සමරුවේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?