ඉන්දියාව උස්සද්දී පාකිස්ථානය බස්සයි

ඉන්දියාවෙන් ලොකු ළූණු මෙරටට ගෙන්වීම තහනම් කිරීමත් සමඟින් පාකිස්ථානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ළූණු තොග එවීම ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් රුපියල් 600 දක්වා ඉහළ ගිය ලොකු ළූණු කිලෝවක මිල අද (31) වන විට රුපියල් 300ත් 350ත් අතර මිලක් දක්වා පහත වැටී ඇති බවයි ලොකු ළූණු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කර තිබුණා.

ඒ සමගම මෙරටට ගෙනැවිත් තිබූ ලොකු ළූණු තොග කිලෝව රුපියල් 500ක් 600ත් අතර ඉහළ මිලකට වෙළඳුන් ඉතා කූඨ ආකාරයෙන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වුණා.

මෙම ජාවාරම පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ළූණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී විනාශ කරන්නට ද සිදුවීම ද විශේෂත්වයක්.

මේ වන විට පාකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කීපයකින් විශාල වශයෙන් ලොකු ළූණු තොග මෙරටට ගෙන්වා තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ළූණු මිල පහත දැමූ බවයි.

පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝව වෙළඳසැල්වල රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළඳුන් එම ළූණුම රුපියල් 400කට අලෙවි කිරීමට උත්සහ කරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ආනයනික ලොකු ළූණු රැගත් තවත් කන්ටේනර් රැසක් වරායේ ඇති අතර එම ළූණු තොග වෙළඳපළට ලැබීමත් සමඟ තවදුරටත් මිල පහත යනු ඇති බව තොග වෙළඳුන් පෙන්වා දෙනවා. අලූත් අවුරුදු සමය වන විට ඉන්දියාව ළූණු අපනයන තහනම ඉවත්කරන අතර එවිට දේශීය පාරිභෝගික ජනතාවට අඩු මුදලකට ළූණු මිලදී ගැනීමට හැකි වනු ඇතැයි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා.

ලොකු ළූණු තැරැව්කරුවන් අලෙවි කරන වෙළෙඳුන්ට දුරකථන ඇමතුම් ලබාදී අඩු මුදලට අලෙවි නොකර කිලෝව රුපියල් 400න් ඉහළ තබා ගන්නා ලෙස උපදෙස් ලබා දෙන බව ද වෙළඳුන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට සහන ලබා දීම සඳහා දඹුල්ලේ ළූණු අලෙවි කරනු ලබන බොහෝ දෙනා රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කිරීම සිදුකරන බව ද ව්‍යාපාරිකයන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
12
+1
3
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47