එක්දින තරඟාවලියත් ඉන්දියාව හමුවේ එංගලන්තය පරදීයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය ජයගන්නට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරඟය තියුණු සටනකින් අනතුරුව ලකුණු 07කින් ජය ගනිමින්. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් තුල සියල්ලන් දැවී ලකුණු 329ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී ශිකර් ධවාන්, රිශාබ් පාන්ට් සහ හර්දික් පාන්ඩයා පිත්තෙන් දස්කම් දැක්වුවේ අර්ධ ශතක රැස්කරමින්.

පන්දු යැවීමේදී ඊයේ තරඟයට එංගලන්ත පිළට කැඳවූ මාර්ක් වුඩ් ඉන්දීය කඩුලු 03ක් බිඳ දැමුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිළට එතරම් සාර්ථක ආරම්භයක් ලබාදීමට මුල්පෙළ පිතිකරුවන්ට හැකියාව ලැබුනේ නැහැ. එක් අවස්ථාවක එංගලන්ත ඉනිම ලකුණු 168කට කඩුලු 06ක් දැවී ඉතා අසීරු තත්ත්වයක පසු වුණා.

එම අවස්ථාවේ 08වන කඩුල්ලට පිටියට පිවිසි සෑම් කරන් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙනයාමට තනිව උත්සාහයක නිරත වුණේ පන්දු 83ක් තුල නොදැවී ලකුණු 95ක් රැස්කරමින්. කෙසේ වෙතත් ඔහුගේ සුපිරි ඉනිම අපතේ යවමින් ඉන්දීය පන්දු යවන්නන් එංගලන්ත පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී තිබියදී ලකුණු 322කට සීමා කළා.

ඒ අනුව ලකුණු 07ක තියුණු ජයක් හිමිකරගත් ඉන්දීය කණ්ඩායමට එක්දින තරඟාවලි ජයගත්තා. අවසන් තරඟයේ වීරයා ලෙස සෑම් කරන් සම්මාන ලැබූ අතර තරඟාවලියේ වීරයා ලෙස ජොනී බෙයාස්ටෝව් සම්මාන ලැබුවා. දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලියේ සහ පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ජයද හිම කරගත්තේ ඉන්දියාව විසින් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09