නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි – පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයක් වැසේ (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම අද පස්වරු 2.30 සිට හෙට (31) පස්වරු 2.30 දක්වා වලංගු වනු ඇති.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට සහ නාඋල යන ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අධි අවදානම් තත්වයක පවතින පස්සර – මඩොල්සිම – මැටිගහතැන්න මාර්ගයේ මඩොල්සිම සිට මැටිගහතැන්න දක්වා කොටස නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය තීරණය කර තිබෙනවා.

ඊයේ (29) සිට මෙම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම් හා විශාල ගල් පෙරලීම් සිදු වූ අතර එම බාධක ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කළ ද යළිත් පස් කඳු සහ ගල් පෙරලීම සිදුවීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ සහ ආපදා කළමනාකරණ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් පසු මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44