නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි – පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයක් වැසේ (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම අද පස්වරු 2.30 සිට හෙට (31) පස්වරු 2.30 දක්වා වලංගු වනු ඇති.

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට සහ නාඋල යන ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අධි අවදානම් තත්වයක පවතින පස්සර – මඩොල්සිම – මැටිගහතැන්න මාර්ගයේ මඩොල්සිම සිට මැටිගහතැන්න දක්වා කොටස නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය තීරණය කර තිබෙනවා.

ඊයේ (29) සිට මෙම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම් හා විශාල ගල් පෙරලීම් සිදු වූ අතර එම බාධක ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කළ ද යළිත් පස් කඳු සහ ගල් පෙරලීම සිදුවීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ සහ ආපදා කළමනාකරණ නිලධාරීන් අතර පැවති සාකච්ජාවකින් පසු මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?