ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් තනතුරට පා.ම. හෙක්ටර් අප්පුහාමි (ඡායාරූප)

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පත්ව තිබෙනවා.

පසුගිය 11 වනදා මන්ත්‍රීවරයා මෙම තනතුර සඳහා පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ දීයි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්ව සිටියා.

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට මෙම තනතුර හරහා බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම මේ වනවිට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙනු ලබන ගැටළු සම්බන්ධයෙන් ද ප්‍රධාන වශයෙන් අවදානය යොමුකරන බව ද මන්ත්‍රීවරයා පැවසුවා.

ඒ, සම්බන්ධයෙන් මෙරට ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පැවසූ මන්ත්‍රීවරයා දෙරට අතර ආයෝජන, රැකියා, අධ්‍යාපන සහ සේවා සැපයීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි මාසයේ දී විශේෂ සාකච්ඡාවක් ලබාදීමට ද මෙරට ඉතාලි තානාපතිවරයා පොරොන්දු වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම මෙරට පිහිටි ඉතාලි තානාපති කාර්යාලය සමඟ කටයුතු කිරීමේ දී ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙනු ලබන ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් කඩිනමින් නිරාකරණයකර ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු සිදුකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියා.

WhatsApp Image 2023 12 29 at 12.27.00 PM 1
WhatsApp Image 2023 12 29 at 12.27.01 PM
WhatsApp Image 2023 12 29 at 12.27.00 PM
SL Italy Friendship Association 20231211 18 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23