පාකිස්ථානය නව වසර සැමරීම තහනම් කරයි

ලබන සදුදා එළඹෙන නව වසර සැමරීම තහනම් කිරීමට පාකිස්ථාන භාරකාර අගමැති අන්වාරුල් හක් කකාර් කටයුතු කර තිබෙනවා.

ජාතිය අමතා කළ කෙටි දේශනයකදී, පාකිස්ථාන භාරකාර අගමැතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවට සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පලස්තීනුවන් සමඟ සහයෝගීතාවය පෙන්නුම් කරන ලෙසත්, නව වසරේ සන්සුන්කම සහ නිහතමානීකම ප්‍රදර්ශනය කරන ලෙසත් සෑම දෙනාගෙන් ඉල්ලා සිටියා.

පලස්තීන සහෝදර සහෝදරියන්ට සහයෝගීතාවය පෙන්වීමට, අලුත් අවුරුද්ද සඳහා ඕනෑම ආකාරයක උත්සවයක් පැවැත්වීමට රජය විසින් දැඩි තහනමක් පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පලස්තීනයට අත්‍යවශ්‍ය ආධාර සැපයීමට සහ ගාසා තීරයේ සිටින තුවාලකරුවන් ඉවත් කිරීමට පාකිස්ථානය, ජෝර්දානය සහ ඊජිප්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද පාකිස්ථාන භාරකාර අගමැතිවරයා පැවසුවා.

ඔක්තෝබර් 07 වනදා සිය ආරම්භ වූ යුද්ධයෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 21,000 කට වඩා වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර, ළමුන් 9,000ක් ද ඒ අතර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56