spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානය නව වසර සැමරීම තහනම් කරයි

ලබන සදුදා එළඹෙන නව වසර සැමරීම තහනම් කිරීමට පාකිස්ථාන භාරකාර අගමැති අන්වාරුල් හක් කකාර් කටයුතු කර තිබෙනවා.

ජාතිය අමතා කළ කෙටි දේශනයකදී, පාකිස්ථාන භාරකාර අගමැතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවට සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පලස්තීනුවන් සමඟ සහයෝගීතාවය පෙන්නුම් කරන ලෙසත්, නව වසරේ සන්සුන්කම සහ නිහතමානීකම ප්‍රදර්ශනය කරන ලෙසත් සෑම දෙනාගෙන් ඉල්ලා සිටියා.

පලස්තීන සහෝදර සහෝදරියන්ට සහයෝගීතාවය පෙන්වීමට, අලුත් අවුරුද්ද සඳහා ඕනෑම ආකාරයක උත්සවයක් පැවැත්වීමට රජය විසින් දැඩි තහනමක් පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පලස්තීනයට අත්‍යවශ්‍ය ආධාර සැපයීමට සහ ගාසා තීරයේ සිටින තුවාලකරුවන් ඉවත් කිරීමට පාකිස්ථානය, ජෝර්දානය සහ ඊජිප්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද පාකිස්ථාන භාරකාර අගමැතිවරයා පැවසුවා.

ඔක්තෝබර් 07 වනදා සිය ආරම්භ වූ යුද්ධයෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 21,000 කට වඩා වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර, ළමුන් 9,000ක් ද ඒ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?