AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂ වෙත ඇරයුමක් (වීඩියෝ)

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් වන අතර කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, සංහිඳියාවට අදාළව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට අද (27) පෙරවරුවේ එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා මේ වන විට ලෝකයේ රටවල සහාය ලැබී තිබෙනවා. මේ වැඩපිළිවෙළ තුළ අප ඉදිරියට ගමන් කළහොත් නියත වශයෙන්ම රට තුළ ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම රටේ අනෙකුත් ප්‍රශ්නවලට ද විසඳුම් ලැබෙනවා.

ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟිමට අපට සහාය ලබාදෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසදා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.

පළමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යාමට නම් රටේ හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු විය යුතුයි.

සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අපේ රටේ බහුහතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි වන්නේ.

සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා.

ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට. එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යට වී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබාදිය යුතුයි. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යාමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටළු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

ඒ වගේම අතුරුදන් වූවන්ගේ ගැටළුව, වන්දි ලබාදීම් ඇතුළු මෙතෙක් විසඳුම් නොලැබුණු සියළු ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරමින් කටයුතු කරනවා.

එසේම උතුරේ සහ නැගෙනහිර ආර්ථිකය දියුණු කළ යුතුයි. සියළු ප්‍රශ්න විසඳුවත් ශක්තිමත් ආර්ථිකයක් නැත්නම් නැවත එම ප්‍රශ්න මතු වෙනවා.

ඒ වගේම කඳුකරයේ සිටින ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහිත් අප විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි. ඔවුන්ට ඉඩම් ලබා දීම, අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව අප අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව භූමදානය කිරීම පිළිබඳ ගැටළුවක් පසුගිය සමයේ මතුවුණා. කොවිඩ් සමයේ එම භූමදාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ පසුව අනෙකුත් රටවල් තීරණ වෙනස් කළ නමුත් ලංකාවේ එම තීරණ වෙනස් කරන්න විශාල කාලයක් ගත වුණා. ඊට හේතු සොයා බලා නැවත එසේ නොවන අන්දමින් නීත්‍යානුකූලව අප එම පියවර ගන්නවා.

අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද කියා තම තමන්ගේ ආගම් අනුව තීරණය කළ යුතුයි. ඉදිරි පෙබරවාරි, මාර්තු වන විට ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබු ඇතැම් සීමා ඉවත් කිරීම අතපසු වී තිබෙනවා. ඒ පිළිබඳ අප විශේෂ අවධානයකින් කටයුතු කරනවා. පොත්පත් ගෙන්වීම, ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටළුත් විසඳාගත යුතුයි.

මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා.

ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමු වී මෙම සියළු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා,

මෙම පාසලට ශ්‍රවණාගාරයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ පිළිබඳ අප එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.

වසර 100ක ඉතිහාසය තුළ මෙම පාසල අධ්‍යාපනයේ කඩඉම් රැසක් පසුකර තිබෙනවා. දුෂ්කර පළාතක පාසලක් වුවත් මෙහි සිසුන් සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යාපන වරම් ලැබුවා. එම ගුණාත්මක භාවය ඉදිරියටම පවත්වාගෙන යා යුතුයි. පාසලේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහ සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මාගේ සුබපැතුම් පළ කරනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලට පැමිණීම අපට විශාල ආඩම්බරයක්. එතුමා මේ ප්‍රදේශයේ පමණක් නොව සමස්ත රටේම සිසු දරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනු ලබනවා.

ගුරුතලාව ප්‍රදේශයේ තිබෙන එකම ජාතික පාසල මෙම මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයයි. පාසලේ දරුවන් දක්වන දක්ෂතා අප අගය කරනවා. පාසලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කරදීමට අප බලාපොරොත්තු වෙනවා. අ.පො.ස සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ සිසු දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධව විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයට ස්තුතිය පුදකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?