Empty Ad
Empty Ad
 Empty Ad

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මියගොස් සිටියදී හමුවෙයි

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් තිබෙනවා.

48 හැවිරිදි රංගන ශිල්පියා අද පෙරවරුවේ සෝල් හි ප්‍රධාන උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Lee Sun-kyun සියදිවි නසා ගත්තේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර දකුණු කොරියා පොලිසිය පැවසුවේ ඔහු සටහනක් ලියා නිවසින් පිටව ගිය බවට තොරතුරක් ලැබී ඇති බවයි.

Parasite චිත්‍රපටයේ Lee Sun-kyun ගේ රංගනය ඉතා ඉහළ ඇගයීමකට ලක්වූ අතර චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන හතරක් හිමි වුණා.

ජනප්‍රිය රංගන ශිල්පියා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයකට ද ලක්ව සිටියා.

යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඔහු සෝල් හි අවන්හලකට ගොස් විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට සැක කරන බවයි. එහිදී තරුණියක් ලබා දුන් දේ තමා ගත්ත ද ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බව තමන් දැන නොසිටි බවටයි ඔහු පවසා තිබුණේ.

නිළියක් වන Jeon Hye-jin සමඟ විවාහ වී කුඩා පුතුන් දෙදෙනෙකු ද සිටි මෙම නළුවා දශක දෙකකට වඩා වැඩි කාලයක් රංගනයෙන් වෘත්තීය ජීවිතයක් ගත කළා.

ඔහු චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක ප්‍රධාන චරිතය රඟපෑ අතර 2010 දශකය වන විට විශිෂ්ට නාමයක් ද හිමි කර ගත්තා.

හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන භාෂා චිත්‍රපටය බවට Parasite පත් වූ නිසා ඔහු ජාත්‍යන්තර කීර්තියට ද පත්ව සිටිනවා.

වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම හමුවේ ඇතැම් ව්‍යාපාර ආයතන ඔවුන්ගේ වෙළඳසැල්වලින් Lee Sun-kyunගේ රුව ඇතුළත් පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කරනු දක්නට ලැබුණු බව සඳහන්.

ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතය වැනි වැරදි දකුණු කොරියාවේ බරපතල අපරාධ ලෙස සැලකෙන අතර මරිජුවානා පරිභෝජනය වසර පහක් දක්වා සිරදඬුවම් ද ලැබිය හැකි වරදක් වනවා.

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් මත්ද්‍රව්‍ය මර්දනය කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වූ දකුණු කොරියානු කීර්තිමත් පුද්ගලයා ලී පමණක් නොවන බවයි. මෙම මාසයේ මුලදී, K-pop තරුව G-Dragon ද සති ගණනක පරීක්ෂණවලින් පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් වුණා.

රංගන ශිල්පී Yoo Ah-in ද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි දේශපාලන හයියෙන් මිහින්තලාවට සිදුකරන විනාශය
13:33
Video thumbnail
පාස්පෝට් කන්තෝරුවට පැන්න පාතාලයෝ ඩෙගා නටයි - "මම Journalist කෙනෙක් - මට Video කරන්න අයිතියක් තියෙයි"
02:01
Video thumbnail
අකුරට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි
13:00
Video thumbnail
සමෘදි ලාබීන්ට අලුත් ආණ්ඩුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්
08:46
Video thumbnail
සිලින්ඩරය පුපුරයි - කාලගෝට්ටි ගොඩයි - විසඳුමකින් තොරව රනිල් ලිස්සලා යයි
02:25
Video thumbnail
"රුසියාවට එරෙහිව ළඟදීම දිගුදුර මිසයිල කතා කරාවි" සෙලෙන්ස්කි කියයි #globalnews #selenski #amrican
10:37
Video thumbnail
හඳුන්නෙත්ති වැඩ බාරගෙන හොර වැඩ කරන අයටත් අනතුරු අඟවයි - දැන් ඉතින් සෙල්ලම් දාලා - පගාව ඇරන් හමාරයි
15:05
Video thumbnail
කංචන පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕනේ - ජීවන් කියයි
01:10
Video thumbnail
රවී පාර්ලිමේන්තුවට ගියොත් හොරා එනවා කියලා කෑගහයි
05:28

?