ජනප්‍රිය රංගන ශිල්පියෙක් මියගොස් සිටියදී හමුවෙයි

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් තිබෙනවා.

48 හැවිරිදි රංගන ශිල්පියා අද පෙරවරුවේ සෝල් හි ප්‍රධාන උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Lee Sun-kyun සියදිවි නසා ගත්තේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර දකුණු කොරියා පොලිසිය පැවසුවේ ඔහු සටහනක් ලියා නිවසින් පිටව ගිය බවට තොරතුරක් ලැබී ඇති බවයි.

Parasite චිත්‍රපටයේ Lee Sun-kyun ගේ රංගනය ඉතා ඉහළ ඇගයීමකට ලක්වූ අතර චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන හතරක් හිමි වුණා.

ජනප්‍රිය රංගන ශිල්පියා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයකට ද ලක්ව සිටියා.

යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඔහු සෝල් හි අවන්හලකට ගොස් විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට සැක කරන බවයි. එහිදී තරුණියක් ලබා දුන් දේ තමා ගත්ත ද ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බව තමන් දැන නොසිටි බවටයි ඔහු පවසා තිබුණේ.

නිළියක් වන Jeon Hye-jin සමඟ විවාහ වී කුඩා පුතුන් දෙදෙනෙකු ද සිටි මෙම නළුවා දශක දෙකකට වඩා වැඩි කාලයක් රංගනයෙන් වෘත්තීය ජීවිතයක් ගත කළා.

ඔහු චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක ප්‍රධාන චරිතය රඟපෑ අතර 2010 දශකය වන විට විශිෂ්ට නාමයක් ද හිමි කර ගත්තා.

හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන භාෂා චිත්‍රපටය බවට Parasite පත් වූ නිසා ඔහු ජාත්‍යන්තර කීර්තියට ද පත්ව සිටිනවා.

වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම හමුවේ ඇතැම් ව්‍යාපාර ආයතන ඔවුන්ගේ වෙළඳසැල්වලින් Lee Sun-kyunගේ රුව ඇතුළත් පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කරනු දක්නට ලැබුණු බව සඳහන්.

ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතය වැනි වැරදි දකුණු කොරියාවේ බරපතල අපරාධ ලෙස සැලකෙන අතර මරිජුවානා පරිභෝජනය වසර පහක් දක්වා සිරදඬුවම් ද ලැබිය හැකි වරදක් වනවා.

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් මත්ද්‍රව්‍ය මර්දනය කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වූ දකුණු කොරියානු කීර්තිමත් පුද්ගලයා ලී පමණක් නොවන බවයි. මෙම මාසයේ මුලදී, K-pop තරුව G-Dragon ද සති ගණනක පරීක්ෂණවලින් පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් වුණා.

රංගන ශිල්පී Yoo Ah-in ද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02