බලපත්‍ර නොමැතිව රට සිහින පෙන්වූ අයෙක් අත්අඩංගුවට

වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයෙක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රූපලාවණ්‍යාගාරවල පිරිසිදු කරන්නියන් වශයෙන් කාන්තාවන් බඳවාගන්නා බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකර ඇති බවට ලැබී තිබූ තොරතුරකට අනුවයි අදාළ වැටලීම සිදු කර ඇත්තේ.

ජාවාරම්කරු විසින් කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා අවස්ථා ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?