පසුගිය 19 වෙනිදා “යුක්තියේ මෙහෙයුම” හරහා කරඬුපන ප්‍රදේශයේදි හා රඹුක්කන වලගම හන්දියේදි හෙරොයින් ග්රැම් 800 ක් හා අයිස් ග්රැම් 700 සමගින් සැකකරුවන් දෙදෙනකු හා එක් සැකකාරියක් කැගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම් සමග සුඛෝපභෝගී ජීප් රථයක් මෝටර් රථයක් හා තවත් මෝටර් රථයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා. මෙම සසැකකරුවන් අතර කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේග සංවිධායකවරයෙකු සහ ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ප්‍රිමියෝ වර්ගයේ මෝටර් රථයද මුදල් රුපියල් දසලක්ෂ විසිදහසක්ද පොලිස් භාරයට ගැනිණ.
අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ යෙදි සිටියදි අත්අඩඟුවට ගත් සැකකාරිය හා සැකකරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් 20දා කෑගල්ල මහේස්තාත් වාසනා නවරත්න මැතිනිය වෙත ඉදිරිපත් කර දින 6ක් සඳහා රැදවුම් නියෝග ලබා ගනු ලැබීය.
ඒ අනුව එම දින හය අද 26 අවසන් වු අතර සැකකරුවන් කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබයරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.














