ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් හේතුවෙන් පාසල් දැරියක් දිවි තොරකරගනී

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසුව පාසල් දැරියක් දිවි හානි කර ගැනිම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කල බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.

වැලිගම පොලිස් වසමේ මුදුගමුව මල්වතුගොඩ ප්‍රදේශයේ පදිංචි ඩි.කේ සදලී උත්තරා වයස 16 පමණ වන අතර ඇය මුහුදුගමුව හේමචන්ද්‍ර ගුණසේකර මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවකි.

25 දින පියා රැකියාවට ගොස් රාත්‍රි නිවසට පැමිණ තිබිණි එහිදි ජංගම දුරකථනය පිළිබඳ සොයා ඇති අතර එහිදි දියණිය විසින් පවසා ඇත්තේ මව විසින් රැගෙන ගිය බවයි

පසුව වයස 54 වන ඩි.එම් ප්‍රේමසිරි පියා විසින් ඒ පිළිබඳ මවට දුරකථන ඇමතුමක් ලබා දී දුරකථනය පිළිබඳව විමසා තිබේ .පසුව ජංගම දුරකථනය දියණියගේ කාමරයේ මේසය මත තිබි පියා විසින් රැගෙන ගේ මැද සාලයේ පොළවේ ගසා තිබූ බව පැවසේ.ඉන් පසුව දියණිය කාමරයේ දොර වසාගෙන තිබූ අතර පසුව විපරම් කිරීමේදී දියණිය දිවි හානි කරගෙන තිබෙනවා.මව කුලී රැකියාව ලෙස ඉවුමි. පිහුම් වැඩ කිරීම සිදුකරන බැවින් නිවසක රැකියාවට ගොස් තිබූ බව සදහන් .

ඇය මෙසේ පැවසීය.
දුව ඉගෙන ගන්න දක්ෂයි ඒ වගේම හරි ලස්සනයි මගේ දුව මේ දේ කරගන්නකොට මම ගෙදර හිටියේ නැහැ අපි කුලියට ඉන්න 14 වෙනි අවුරුද්ද (25 ) දින රාත්‍රි තාත්තා හැන්දෑවේ ගෙදර ඇවිත් ෆෝන් එක හොයලා තියෙනවා ඒ වෙලාවේ දුව ගත්තේ නෑ කියලා කිව්වහම මට කෝල් කරලා ඇහුවා මම ගත්තද කියලා කිව්වා මම ගත්තේ නෑ කියලා පසුව පෝන් එක දුවගේ කාමරේ තිබිලා අරගෙන සාලේ පොළවේ ගහලා විසි කරලා දාලා එයාට වැඩක් නැති වැඩක් කරලා තියෙන්නේ මෙහෙම දෙයක් වෙන බව දන්නවනම් මම කියනවා ෆෝන් එක අරගෙන ගියා කියලා .තාත්තා ගහනවා මටත් ගහලා තියෙනවා අත පය කඩලා දාලා තියෙනවා, මදාවියෙක් එක්ක තමයි ජීවත් වුණේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන්. අම්මේ යනවා කියලා කිව්වා නම් මමත් එයත් එක්ක යනවා .තාත්තගේ පීඩනය නිසා තමයි මෙහෙම දෙයක් වුණේ. මේ දරුවා කවදාවත් පන්ති කොහෙවත් යන්නේ නෑ ගෙදර හිර කරගෙන හිටියේ දරුවෙක් එයා ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ පහුගිය දවස්වල කන්නත් නැතුව හිටියා.ඒවට වගකියන්න ඕන මේ පාලකයෝ

වැලිගම හේමචන්ද්‍ර මහා විද්‍යාලයේ නවවන ශ්‍රේණියේ අධ්‍යාපන ලැබූ මෙම දැරිය ඉගෙනුමට ඉතාමත් දක්ෂ දැරියන් බවයි පාසල් මිතුරු මිතුරියන් හා ගුරුවරුන් කියා සිටියේ. සිදුවීම සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?