කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් පහරදීමකින් මරුට

පහරදීමක් හේතුවෙන් කළුතර – නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා පසුගිය 24 වනදා පහරදීමක් හේතුවෙන් කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

එලෙස රෝහල් ගතකළ රැඳවියා එම රෝහලේ වාට්ටු අංක පහේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වුණේ.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටි එම රැඳවියා අද (26) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම රැඳවියාට පහරදුන් ය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ රැඳවියා මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටී පී.ජී. සුනිල් නැමැති 46 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් කළුතර උතුර පොලිසිය දැනුවත් කර ඇති අතර,
මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00