AFC Banner
Empty Ad
Empty Ad

ගුටි කා රෝහල් ගතකළ කොස්තාපල් රෝහලෙන් පැනලා

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පොලිස් කොස්තාපල්වරයෙක් රෝහලෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස රෝහලෙන් පලාගොස් ඇත්තේ නොරචෝලේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්.

දළුව, නිර්මලපුර ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරියා ඊයේ (25) රාත්‍රියේ තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් සාදයකට සහභාගි වී ඇති අතර, එහිදී ඇති වූ බහින් බස්වීමකින් පසුව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරියාට සහ ඔහු සමඟ පැමිණි අයෙකුට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් නොරචෝලේ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පොලිස් නිලධාරියාව මුදාගෙන පොලිස් ස්ථානය වෙත කැදවාගෙන විත් තිබෙනවා.

පසුව ඔහුව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මත්පැන් පානය කර ඇති බවට දැනගත් වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් සටහනක් ද තබමින් ඔහුව රෝහලට ඇතුළත් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ මෙම පොලිස් නිලධාරියා රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නොදන්වා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, අද (26) අලුයම් කාලයේ නොරචෝලේ පොලීසියට පැමිණ තමන්ගේ පුද්ගලික ඇඳුම් ද රැගෙන පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා සාදයට යන අවස්ථාවේ දී තමන් විවේකය සඳහා පිටත්ව යන බවට පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර, අද (26) අලුයම ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇතත් ඒ බවට ද සටහනක් තබා නැති බවයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?