ගුටි කා රෝහල් ගතකළ කොස්තාපල් රෝහලෙන් පැනලා

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පොලිස් කොස්තාපල්වරයෙක් රෝහලෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස රෝහලෙන් පලාගොස් ඇත්තේ නොරචෝලේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්.

දළුව, නිර්මලපුර ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරියා ඊයේ (25) රාත්‍රියේ තම මිතුරන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් සාදයකට සහභාගි වී ඇති අතර, එහිදී ඇති වූ බහින් බස්වීමකින් පසුව එම ස්ථානයේ සිටි පිරිසක් විසින් පොලිස් නිලධාරියාට සහ ඔහු සමඟ පැමිණි අයෙකුට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් නොරචෝලේ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පොලිස් නිලධාරියාව මුදාගෙන පොලිස් ස්ථානය වෙත කැදවාගෙන විත් තිබෙනවා.

පසුව ඔහුව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මත්පැන් පානය කර ඇති බවට දැනගත් වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් සටහනක් ද තබමින් ඔහුව රෝහලට ඇතුළත් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ මෙම පොලිස් නිලධාරියා රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නොදන්වා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, අද (26) අලුයම් කාලයේ නොරචෝලේ පොලීසියට පැමිණ තමන්ගේ පුද්ගලික ඇඳුම් ද රැගෙන පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා සාදයට යන අවස්ථාවේ දී තමන් විවේකය සඳහා පිටත්ව යන බවට පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර, අද (26) අලුයම ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇතත් ඒ බවට ද සටහනක් තබා නැති බවයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:26
Video thumbnail
නියත වශයෙන්ම 2029 නාමල් රාජපක්ෂව ජනපති කරනවා - පුළුවන් නම් ජනතාව එන එක නවත්තන්න
02:03
Video thumbnail
බාල ගල් අඟුරු මගඩිය ගැන කවුරුත් නොකී තොරතුරු රැසක් එළියට - ලැබුණයි කිව්ව ගල් අඟුරු ලැබිලා නෑ
04:10
Video thumbnail
කාලෙන් කාලෙට කරපු බලපුළුවන්කාරකම්වලට නිලධාරින්ටවත් කට අරින්න බෑ - ලාල්කාන්තගෙන් සැර කතාවක්
04:07
Video thumbnail
මේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ - අපිව මර්දනය කරන්න බෑ..ක්‍රියාත්මක වෙන්නේ යම් දඩයමක්
04:54
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07