ලිංගික ක්‍රියාකාරකම් සිදුකරමින් ඒවා වීඩියෝ කර වෙබ්අඩවියකට මුදාහරිමින් මුදල් ඉපැයූ තරුණ යුවළක් රාගම ප්‍රදේශයේ දී පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත සිදුකළ දැනුම්දීමකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ විවාහක තරුණයක් සහ ඇයගේ 24 හැවිරිදි ස්වාමිපුරුෂයා බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණිය රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර සැකකරු කොළඹ, අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු හමුදාවේ සේවය කර මේ වනවිට ඉන් ඉවත්ව සිටින අයෙන් බවයි පොලිසිය සඳහන් කළේ.
නිසි ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස බිරිඳගේ මවගේ නිවසට ගොස් එහිදී මෙම දර්ශන වීඩියෝ කර ප්‍රසිද්ධ වෙබ්අඩවියකට එක් කිරීමට කටයුතු කළ බවයි සැකකාර ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ.
මෙම යුවළ රැකියාවක් නොකර සැපවත්, විනෝදකාමී ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් සැකසිතූ ප්‍රදේශවාසීන් විසින් මොවුන් සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.
ඒ, අනුවයි මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙහිදී ඔවුන් රැඳී සිටි නිවසේ තිබී මෙම කටයුත්ත සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කිහිපයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.














HAMUDAWE KIYUWAMA ODUWE HAMUDA 3 TAMA WADHINAWA. GODAK INNE WEDAGATH LESA INNA AYA. NAMUTH GODAK APARADHA WALATA AHU WENNE ARMY EKE HITAPU, INNA PENALA GIYA AYA. ME APARADHA BOHOMAYAKA ANITH PATHTHE INNE EKKO KELLEK, NATHINAM GENIYEK.