අසැබි දසුන් වීඩියෝ කර ලෝකයටම පෙන්වූ තරුණ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ලිංගික ක්‍රියාකාරකම් සිදුකරමින් ඒවා වීඩියෝ කර වෙබ්අඩවියකට මුදාහරිමින් මුදල් ඉපැයූ තරුණ යුවළක් රාගම ප්‍රදේශයේ දී පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යුවළ සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත සිදුකළ දැනුම්දීමකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසු වූ විවාහක තරුණයක් සහ ඇයගේ 24 හැවිරිදි ස්වාමිපුරුෂයා බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණිය රාගම, දඹුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර සැකකරු කොළඹ, අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු හමුදාවේ සේවය කර මේ වනවිට ඉන් ඉවත්ව සිටින අයෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

නිසි ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස බිරිඳගේ මවගේ නිවසට ගොස් එහිදී මෙම දර්ශන වීඩියෝ කර ප්‍රසිද්ධ වෙබ්අඩවියකට එක් කිරීමට කටයුතු කළ බවයි සැකකාර ස්වාමිපුරුෂයා පවසා ඇත්තේ.

මෙම යුවළ රැකියාවක් නොකර සැපවත්, විනෝදකාමී ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් සැකසිතූ ප්‍රදේශවාසීන් විසින් මොවුන් සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඒ, අනුවයි මොවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙහිදී ඔවුන් රැඳී සිටි නිවසේ තිබී මෙම කටයුත්ත සඳහා භාවිත කළ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කිහිපයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
4
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23