ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින හා 20-20 තරගාවලියේ ප්‍රවේශ පත් මිලදී ගන්න දැන් අවස්ථාව

එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිල දී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) සඳහන් කළා.

ඒ, අනුව www.srilankacricket වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ අතර ලබන 04 වනදා සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත් කවුළු මඟින් ද එම ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 06 වනදා ආරම්භ වන අතර, විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 14 වනදායි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගාවලියේ තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51