spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින හා 20-20 තරගාවලියේ ප්‍රවේශ පත් මිලදී ගන්න දැන් අවස්ථාව

එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිල දී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) සඳහන් කළා.

ඒ, අනුව www.srilankacricket වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ අතර ලබන 04 වනදා සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත් කවුළු මඟින් ද එම ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 06 වනදා ආරම්භ වන අතර, විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 14 වනදායි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගාවලියේ තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?