2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තයට පොලාඩ්ගේ සහාය

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක කීරන් පොලාඩ්ගේ සහාය ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස පොලාඩ්ගේ සහාය විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය ලබාගැනීමට නියමිතව තිබෙනවා.

එළඹෙන වසරේ ජුනි 04 වනදා කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

එහිදී තණතීරු තක්සේරු කිරීමට කීරන් පොලාඩ් එංගලන්තයට උපකාර කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

2022 වසරේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී එංගලන්තයට හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු මයික් හසී සිදුකළ කාර්යට සමාන කාර්යභාරයක් පොලාඩ් මෙහිදී ඉටු කරනු ඇති.

මේ අතර එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කීරන් පොලාඩ් කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?