2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තයට පොලාඩ්ගේ සහාය

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක කීරන් පොලාඩ්ගේ සහාය ලබාගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස පොලාඩ්ගේ සහාය විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය ලබාගැනීමට නියමිතව තිබෙනවා.

එළඹෙන වසරේ ජුනි 04 වනදා කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

එහිදී තණතීරු තක්සේරු කිරීමට කීරන් පොලාඩ් එංගලන්තයට උපකාර කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

2022 වසරේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ දී එංගලන්තයට හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු මයික් හසී සිදුකළ කාර්යට සමාන කාර්යභාරයක් පොලාඩ් මෙහිදී ඉටු කරනු ඇති.

මේ අතර එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කීරන් පොලාඩ් කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21