මහනුවර රෝහලේදී මියගිය පුද්ගලයෙකුට කොවිඩ්

මහනුවර ජාතික රෝහලේදී ඊයේ (23) මියගිය 65 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා සිරෝසිස් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතව සිටි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මරණය සිදුව ඇත්තේ එම රෝග තත්ත්වය හේතුවෙන් බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා.

ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මියගිය පසු පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී හෙළිවී ඇත්තේ ඔහුට කොවිඩ් වෛරසය ද ආසාදනය වී තිබෙන බවටයි.

මියගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඔහුගේ ඥාතීන්ට ද රෝහල මගින් දැනුම් දී තිබෙනවා.

මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරුවල අවසන් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය පෙර ලබා දී තිබූ නිර්නායක ක්‍රියාත්මක නොවන බැවින් මළ සිරුර සාමාන්‍ය මළ සිරුරක් බාරදෙන ආකාරයෙන් ඥාතීන්ට බාර දීමටයි රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මෘත දේහය නිවසේ තැන්පත් කර ඇති කාලසීමාවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස මහනුවර ජාතික රෝහලෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01