spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර රෝහලේදී මියගිය පුද්ගලයෙකුට කොවිඩ්

මහනුවර ජාතික රෝහලේදී ඊයේ (23) මියගිය 65 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව තිබී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා සිරෝසිස් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතව සිටි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මරණය සිදුව ඇත්තේ එම රෝග තත්ත්වය හේතුවෙන් බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා.

ගම්පොළ උලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මියගිය පසු පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර එහිදී හෙළිවී ඇත්තේ ඔහුට කොවිඩ් වෛරසය ද ආසාදනය වී තිබෙන බවටයි.

මියගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඔහුගේ ඥාතීන්ට ද රෝහල මගින් දැනුම් දී තිබෙනවා.

මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරුවල අවසන් කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය පෙර ලබා දී තිබූ නිර්නායක ක්‍රියාත්මක නොවන බැවින් මළ සිරුර සාමාන්‍ය මළ සිරුරක් බාරදෙන ආකාරයෙන් ඥාතීන්ට බාර දීමටයි රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මෘත දේහය නිවසේ තැන්පත් කර ඇති කාලසීමාවේ සෞඛ්‍ය නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස මහනුවර ජාතික රෝහලෙන් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් දැනුවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?