හෝටලයක සිදු වූ ඝාතනයේ සැකකරු දුරකථනයෙන් අල්ලයි

පුද්ගල ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු කරගත් තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල වැලිපාර ප්‍රදේශයේදීයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම පිළිබඳ වත්තල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (23) දහවල් දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු කරගත් තොරතුරුවලට අනුවයි අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි සැකකරු 29 හැවිරිදි අයෙක්. සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 150ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වත්තල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03