spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝටලයක සිදු වූ ඝාතනයේ සැකකරු දුරකථනයෙන් අල්ලයි

පුද්ගල ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු කරගත් තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල වැලිපාර ප්‍රදේශයේදීයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා ඇලකන්ද ප්‍රදේශයේ හෝටලයක් තුලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම පිළිබඳ වත්තල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (23) දහවල් දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු කරගත් තොරතුරුවලට අනුවයි අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුනේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි සැකකරු 29 හැවිරිදි අයෙක්. සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 150ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වත්තල පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?