බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙදරු මවක් විසින් මෙම අපරාධය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියාගෙන් වෙන්වී දරුවන් සමග හුදකලාව ජීවත් වූ ඇය ගාලදිවුල්වැව, ප්‍රදේශයේ 44 හැවිරිදි එක්දරු පියෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

කලලයට මාස 6ක කාලයක් ගත වීමත් සමග බිළිඳු කළලය ගබ්සා කිරීම සඳහා කිසියම් පෙති වර්ගයක් පානය කළ බව ද සැකකාර කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

එම තොරතුරු මත සිදු කරන ලද විමර්ශනවලදී අදාළ බිළිඳු කලලය වළදමා තිබූ ස්ථානය තඹුත්තේගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ සැකකරු සහ සැකකාරිය ජනවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29