spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙදරු මවක් විසින් මෙම අපරාධය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියාගෙන් වෙන්වී දරුවන් සමග හුදකලාව ජීවත් වූ ඇය ගාලදිවුල්වැව, ප්‍රදේශයේ 44 හැවිරිදි එක්දරු පියෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

කලලයට මාස 6ක කාලයක් ගත වීමත් සමග බිළිඳු කළලය ගබ්සා කිරීම සඳහා කිසියම් පෙති වර්ගයක් පානය කළ බව ද සැකකාර කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

එම තොරතුරු මත සිදු කරන ලද විමර්ශනවලදී අදාළ බිළිඳු කලලය වළදමා තිබූ ස්ථානය තඹුත්තේගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ සැකකරු සහ සැකකාරිය ජනවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?