දෙසතියකට කලින් පෙරමුණේ හිටපු රවී එක්වරම තුනට වැටෙයි

ජගත් පන්දුවාර 20 පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අදිල් රෂිඩ් ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවන ස්ථානයේ පසුවනවා.

මේ අතර අයි.සී.සීය මීට දෙසතියකට පෙර නිකුත් කළ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටි ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවී බිෂ්නෝයි මෙම ශ්‍රේණිගත කිරීම්වල දී තෙවන ස්ථානය දක්වා පහළට ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

තවමත් විස්සයි විස්ස තරග 21කට සහභාගී වී කඩුලු 34ක් දවාගෙන සිටින රවී බිෂ්නෝයි එලෙස ශ්‍රේණිගත කිරීම්වලට පෙරමුණට පැමිණීම සමාජ මාධ්‍ය තුළ දැඩි හාස්‍යට සහ විවේචනයට ලක්වූ ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර අයි.සී.සීය මෙවර නිකුත්කර ඇති ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් ස්ථාන හයේම දඟ පන්දු යවන්නන් පසුවීම විශේෂත්වයක්.

ඒ, අනුව මෙහි සිව්වන ස්ථානය වනිඳු හසරංගට හිමිව ඇති අතර, පස්වන ස්ථානයේ පසුවන්නේ මහීෂ් තීක්ෂණයි.

හයවන ස්ථානයේ කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක අකිල් හුසේන් පසුවනවා.

412607994 761613062667074 2747353236078446783 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25