සුමති සම්මාන උළෙලේ සම්මාන ලැබුණු අය

විසිපස්වන සුමති සම්මාන මහීමාලංකාරය ඊයේ (26) රාත්‍රියේ නිමා වූයේ අති උත්කර්ෂවත් අයුරින්. එහිදී ජනප්‍රියතම නළුවා සම්මානය සජිත අනුත්තරත් ජනප්‍රියතම නිළිය සම්මානය සෙනාලි ​​​ෆොන්සේකාත් දිනාගත්තා. ඊ​ට අමතරව ටෙලි නාට්‍ය කාණ්ඩයේ සම්මාන බෙදී ගියේ මේ විදිහටයි.

  • ජනප්‍රියතම නාට්‍ය – තාදී (ස්වාධීන රූපවාහිනිය)
  • ​හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය – පවිත්‍රානිගේ ප්‍රේමය (ජාතික රූපවාහිනිය)
  • හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය – වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
  • හොඳම ටෙලි නාට්‍ය තිර පිටපත් රචනය – නාමල් ජයසිංහ (වීරයා ගෙදර ඇවිත්)
  • ​හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – ලහිරු මාඩිවිල (අවසන් හුස්ම තෙක්)
  • හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය – ​මණ්ඩක සජිත දිල්පහන් (රාවණ ටෙලි නාට්‍ය)
  • හොඳම ටෙලි නාට්‍ය ගායනය – දුමාල් වර ණකුලසූරිය (සක්කාරං ටෙලි නාට්‍ය තේමා ගීතය)
  • හොඳම ටෙලි නාට්‍ය අංග රචනය – බුවනෙක රණවක (රාවණ ටෙලි නාට්‍ය)
  • හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – පියතිස්ස අකුරම්බොඩ (රන්බැඳි මිනිස්සු)
  • හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – තුසිත අනුරාධ (අවසන් හුස්ම තෙක්)
  • හොඳම ටෙලි නාට්‍ය නැගී එන නළුවා – සංජය මුරමුදලි (අමුතු රසිකයා)
  • හොඳම ටෙලි නාට්‍ය නැගී එන නිළිය – මිෂෙල් දිල්හාරා (සුදු ඇදගෙන කළු ඇවිදින්)
  • හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා – කළණ ගුණසේකර (අඩෝ)
  • හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය – චාන්දනී සෙනෙවිරත්න (වීරයා ගෙදර ඇවිත්)
  • හොඳම ටෙලි නාට්‍ය නළුවා – රොෂාන් රවීන්ද්‍ර (වීරයා ගෙදර ඇවිත්)
  • හොඳම ටෙලි නිළිය – සමනලී ෆොන්සේකා (අඩෝ)
  • ​හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත්)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
3
+1
1
+1
0
+1
3
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?