කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම සිදුවූ වෙඩි තැබීමට හේතුව කාන්තාවන් දෙදෙනෙක් අතර මීට පෙර ඇති වූ ආරවුලක් බව පොලිසිය පවසනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (18) මේ බව සඳහන් කළා.
අදාළ කාන්තාවන් දෙදෙනා අතර මීට පෙර එම ගැටුම ඇතිව තිබූ බවත්, ඉන් එක් කාන්තාවක් ඊයේ (17) රාත්‍රියේ තවත් පිරිසක් සමඟ සමාජ ශාලාවට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එහිදී ඔවුන් මත්පැන් පානය කර ඉන් පිටව යන අවස්ථාවේ දී එම පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කාන්තාව ඇතුළු මෙම පිරිස වැගන්ආර් වර්ගයේ රථයකින් සහ කැබ් රථයකින් ඊයේ (17) රාත්‍රියේ සමාජ ශාලාව වෙත පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලීසිය විමර්ශන අරඹා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.














KOTHANA HARI PIRIMI DENNEKUGE WALIYAN NAM MARA GANILLAK NAM EKE MULATAMA INNETH GEENIYEK MEDATA INNETH GENIYEK, AGATA INNETH GENIYEK. GENIYEKUGE AHAWAL EKATA EYI METHARAM PERETHA.