කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවේ වෙඩි පත්තු කළ සිද්ධියේ මුල කාන්තාවන් දෙදෙනෙක්

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම සිදුවූ වෙඩි තැබීමට හේතුව කාන්තාවන් දෙදෙනෙක් අතර මීට පෙර ඇති වූ ආරවුලක් බව පොලිසිය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (18) මේ බව සඳහන් කළා.

අදාළ කාන්තාවන් දෙදෙනා අතර මීට පෙර එම ගැටුම ඇතිව තිබූ බවත්, ඉන් එක් කාන්තාවක් ඊයේ (17) රාත්‍රියේ තවත් පිරිසක් සමඟ සමාජ ශාලාවට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔවුන් මත්පැන් පානය කර ඉන් පිටව යන අවස්ථාවේ දී එම පිරිස අතර සිටි එක් පුද්ගලයෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කාන්තාව ඇතුළු මෙම පිරිස වැගන්ආර් වර්ගයේ රථයකින් සහ කැබ් රථයකින් ඊයේ (17) රාත්‍රියේ සමාජ ශාලාව වෙත පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලීසිය විමර්ශන අරඹා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15