logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

නේතන් ලයන් පන්සීයේ සමාජයට

ෂේන් වෝන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්ට පසු ජාත්‍යනතර ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා බවට පත්වීමට දඟ පන්දුයවන ක්‍රීඩක නේතන් ලයන්ට හැකියාව ලැබුණා.

පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහුට ටෙස්ට් කඩුලු 500 සීමාව පසුකර යාමේ අවස්ථාව උදාවුණා.

නේතන් ලයන් මේ වනවිට ජාත්‍යනතර ටෙස්ට් තරග 123කට ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුලු 501ක් දවාගැනීමට සමත්ව සිටිනවා.

ඔහු ඉතිහාසයට එක්වන්නේ ජාත්‍යනතර ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ ලොව 08 වන ක්‍රීඩකයා ලෙසටයි.

එමෙන්ම ඔහු ටෙස්ට් පිටියේ කඩුලු 500 සීමාව පසුකළ 04 වන දඟ පන්දු යවන්නා ලෙසට ද වාර්තා අතරට එක්වනවා.

2011 වසරේ අගෝස්තු මාසයේ දී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?