අම්බලන්ගොඩ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප සහ වීඩියෝ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සංගීත උපකරණ ප්‍රවාහනය කළ සහ විදුලි ජනක යන්ත්‍රයක් ප්‍රවාහනය කළ ලොරි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විදුලි ජනක යන්ත්‍රය ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා අනතුරින් තුවාල ලබා බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ පාදවලට බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. ඔහු සංගීත භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියේ රියදුරා බව සඳහන්.

අද අලුයම සිදු වූ මෙම අනතුර හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබූ අතර පසුව අම්බලන්ගොඩ පොලිසිය මැදිහත්වී වාහන ගමනාගමනයට ඉඩ සලසා දී තිබුණා.

අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10