spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අම්බලන්ගොඩ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප සහ වීඩියෝ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සංගීත උපකරණ ප්‍රවාහනය කළ සහ විදුලි ජනක යන්ත්‍රයක් ප්‍රවාහනය කළ ලොරි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විදුලි ජනක යන්ත්‍රය ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා අනතුරින් තුවාල ලබා බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ පාදවලට බරපතල තුවාල සිදුවී ඇතැයි සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්. ඔහු සංගීත භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියේ රියදුරා බව සඳහන්.

අද අලුයම සිදු වූ මෙම අනතුර හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනයට ද බාධා මතුවී තිබූ අතර පසුව අම්බලන්ගොඩ පොලිසිය මැදිහත්වී වාහන ගමනාගමනයට ඉඩ සලසා දී තිබුණා.

අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?