ඔස්ට්‍රේලියාවේ කොරල් දූපත් නොපෙනී යාමේ අවදානමක

ඕස්ට්‍රේලියා මුහුදු සීමාව තුළ පිහිටි කොරල් දූපත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මුහුදු මට්ටම ඉහළ යාම ඇතුළු විවිධ හේතූන් ඒවායේ පැවැත්මට තර්ජනයක් වී ඇති අතර කොරල් දූපත් ඒවා අතුරුදහන් වීම රටේ මුහුදු සීමාවට ද බලපෑම් ඇති කළ හැකි බවටයි අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ.

මෙම දූපත් 56ක් තාප තරංගවලට ලක්වීම සහ ගංවතුරට ගොදුරු වීම ඇතුළු සාධක මත පදනම්ව විනාශ වීමේ අවධානමක් ද පෙන්නුම් කරනවා.

ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් වූ කොරල් මුහුදේ දූපත් එකොළහක් ඉහළ අවදානමකට මුහුණ දෙන දූපත් ලෙසට වර්ග කර ඇතැයි සඳහන්.

අවදානම් තක්සේරු කිරීම් පදනම් වී ඇත්තේ දූපත්වල පවතින වර්තමාන තත්වයන් මත වුව ද දේශගුණික විපර්යාස හේතුවෙන් සමුද්‍ර තාප තරංග සහ සාගර ජල මට්ටම ඉහළ යාමේ තර්ජනය වැඩි වන බවයි වාර්තාව පවසන්නේ.

දූපත්වලට ඇති අවදානම ඒ මත ජීවත් වන සහ යැපෙන ප්‍රජාවන්ට ද බලපෑම් ඇති කරන බව අධ්‍යයනය මගින් හෙළි කරගෙන තිබෙනවා.

මහා බාධක කොරල්පරයට දේශගුණික විපර්යාස හේතුවෙන් එහි කොරල්පරවලින් අඩකට වඩා අහිමි වී ඇතැයි ද සඳහන්.

ලෝකයේ සාගර ජීව විශේෂවලින් 25%ක් පමණ ඔවුන්ගේ ජීවන චක්‍රයේ යම් අවස්ථාවක කොරල්පර මත රඳා පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09