බීජිංහි දුම්රිය අනතුරකින් 500ක් රෝහලට

බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

චීනයේ අගනුවර බලධාරීන් ප්‍රකාශ කළේ පුද්ගලයින් 102 දෙනෙකු පමණ අස්ථි බිඳීම්වලට ලක්ව ඇති බවයි.

බටහිර බීජිං හි බ්‍රහස්පතින්දා සවස මෙම අනතුර සිදුවී ඇත්තේ Changping උමං මාර්ගයේ ඉහළ කොටසකයි.

හදිසි වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ ප්‍රවාහන බලධාරීන් ප්‍රතිචාර දැක්වූ අතර රාත්‍රී 11 පමණ වන විට සියලුම මගීන් ඉවත් කරගෙන තිබෙනවා.

අද උදෑසන වන විට පුද්ගලයින් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර මගීන් 25 දෙනෙකු නිරීක්ෂණ යටතේ සිටින බව සඳහන්.

චීන අගනුවර ප්‍රවාහන ජාලයේ මෙවැනි අනතුරු සුලභ නොවූවත්, හිම කුණාටු නිසා පීලි ලිස්සන බව වාර්තා වනවා.

මෙය පළමු දුම්රිය හදිසියේ තිරිංග යෙදීම හේතු වූ බවයි බීජිං ප්‍රවාහන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බීජිං හි හිම පතනය හේතුවෙන් මහා මාර්ග, දුම්රිය සහ ගුවන් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඉදිරි දිනවලදී උතුරු චීනය පුරා උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතයි.

බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 සිට 12 දක්වා පහත වැටෙනු ඇතැයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

සමහර නගරවල බලධාරීන් පාසල් වසා දමා දුම්රිය සේවා ද අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?