බීජිංහි දුම්රිය අනතුරකින් 500ක් රෝහලට

බීජිං හි අධික හිම පතනය මධ්‍යයේ උමං දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

චීනයේ අගනුවර බලධාරීන් ප්‍රකාශ කළේ පුද්ගලයින් 102 දෙනෙකු පමණ අස්ථි බිඳීම්වලට ලක්ව ඇති බවයි.

බටහිර බීජිං හි බ්‍රහස්පතින්දා සවස මෙම අනතුර සිදුවී ඇත්තේ Changping උමං මාර්ගයේ ඉහළ කොටසකයි.

හදිසි වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ ප්‍රවාහන බලධාරීන් ප්‍රතිචාර දැක්වූ අතර රාත්‍රී 11 පමණ වන විට සියලුම මගීන් ඉවත් කරගෙන තිබෙනවා.

අද උදෑසන වන විට පුද්ගලයින් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර මගීන් 25 දෙනෙකු නිරීක්ෂණ යටතේ සිටින බව සඳහන්.

චීන අගනුවර ප්‍රවාහන ජාලයේ මෙවැනි අනතුරු සුලභ නොවූවත්, හිම කුණාටු නිසා පීලි ලිස්සන බව වාර්තා වනවා.

මෙය පළමු දුම්රිය හදිසියේ තිරිංග යෙදීම හේතු වූ බවයි බීජිං ප්‍රවාහන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බීජිං හි හිම පතනය හේතුවෙන් මහා මාර්ග, දුම්රිය සහ ගුවන් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

ඉදිරි දිනවලදී උතුරු චීනය පුරා උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතයි.

බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 සිට 12 දක්වා පහත වැටෙනු ඇතැයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

සමහර නගරවල බලධාරීන් පාසල් වසා දමා දුම්රිය සේවා ද අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57